Monday, August 11, 2014

මතක රාක්ෂි

බට පා සටහන් පමණි,
පෙරලා
ගිය බවත් නැති..

නිසලයි දිවා කල
පස් පියුම් නොපිපුනද
කුඩ මසුන් රඟන නිති,
බිහිසුණුයි නිශායම
සලා වැටෙමින් හඬන
කඳුළු රසයම පතන..

යටගිය දවස,
අනාරාධිතව විත්
අරක්ගෙන,
තුන් කල්ම
රැ‍දෙනු රිසින්
සිත් විල..

3 comments:

  1. අම්මෝ...
    පට්ට හිරාන් අය්යෙ... පට්ට කියන්නෙ වෙනදා සේම උපරිමයි...
    මේ වගේ කවියකට පිළිතුරු පද බදින්නටත් හිතක් නෑ...ඒ තරං විශිස්ටයි..
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මලේ..උඹේ දිරිගැන්වීමට පින්..

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete