ඇල්කොහොල් නිකටින් පිරිවරා
රජ ඇඳුම් උනා නුඹ එද්දි
ඉඳ හිට මොලවන ලිපවත්
දන්නේ නැ උහුලපු දුක් ගිනි
මද්දලේ තාලයට පා තබා
ධනුද්දර වුනත් නුඹ කරලියේ
අන්තිම කඳුලත් උගස් කර
ගෙනාවේ හිමියනෙ කිරිපිටි
බිඳී පෙර කුල සිරිත්
වාසල් දොරටු වැසුන සඳ
සිරිනොබලාම බරණැස්
හිම ගිරට ආවේ අපි සතුටින්
කුටුම්භයේ බර දරා තනිවම
කඳුලක් හිත රුවා දිරියෙන් කලා යුද
දිවියේ ගිරිදුර්ග අතරින් හිතට පැන
උදුරාගත්තා වැදිරජ මඟදි අසිපත
නොතකාම පුරඟනන් සූදුහල්
මධුවිතට පමණක්ම ලොල් වෙච්ච
වෙන දොසක් වුනේ නැ කිසිදාක
මැරි මැරි උපදිනවා හැම රෑම
රැඟුම් අහවරව නුඹ
කරලියෙන් බහිනවා
හිස් කොපුව අත දරා
මම තාම රඟනවා
This comment has been removed by the author.
ReplyDeleteපට්ට හිරාන් අය්යෙ...
Deleteඔයාගෙ වචන නිකං දෙපැත්ත කැපෙන කඩුවක් වගේ...
වදින අයට රිදෙන්නම ලියල තියෙනව..
ජයවේවා
ගොඩක් ස්තුතියි මල්ලි..
Deleteනියමයි...හිරාන්....ඉදිරියටම යන්න....ඡය !
ReplyDelete