Thursday, May 22, 2014

නොදනිමි කාගෙ දොසා

ඇල්කොහොල් නිකටින් පිරිවරා
රජ ඇඳුම් උනා නුඹ එද්දි
ඉඳ හිට මොලවන ලිපවත්
දන්නේ නැ උහුලපු දුක් ගිනි

මද්දල‍ේ තාලයට පා තබා
ධනුද්දර වුනත් නුඹ කරලියේ
අන්තිම කඳුලත් උගස් කර
ගෙනාවේ හිමියනෙ කිරිපිටි

බිඳී පෙර කුල සිරිත්
වාසල් දොරටු වැසුන සඳ
සිරිනොබලාම බරණැස්
හිම ගිරට ආවේ අපි සතුටින්

කුටුම්භයේ බර දරා තනිවම
කඳුලක් හිත රුවා දිරියෙන් කලා යුද
දිවියේ ගිරිදුර්ග අතරින් හිතට පැන
උදුරාගත්තා වැදිරජ මඟදි අසිපත

නොතකාම පුරඟනන් සූදුහල්
මධුවිතට පමණක්ම ලොල් වෙච්ච
වෙන දොසක් වුනේ නැ කිසිදාක
මැරි මැරි උපදිනවා හැම රෑම

රැඟුම් අහවරව නුඹ
කරලියෙන් බහිනවා
හිස් කොපුව අත දරා
මම තාම රඟනවා

4 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. පට්ට හිරාන් අය්යෙ...
      ඔයාගෙ වචන නිකං දෙපැත්ත කැපෙන කඩුවක් වගේ...
      වදින අයට රිදෙන්නම ලියල තියෙනව..
      ජයවේවා

      Delete
    2. ගොඩක් ස්තුතියි මල්ලි..

      Delete
  2. නියමයි...හිරාන්....ඉදිරියටම යන්න....ඡය !

    ReplyDelete